top of page

සුඛෝපභෝගී ජීවන රටාවකට ඔසාකා හයිට්ස් කිරුළපනට




ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දේපළ වෙළෙඳාම් හා සංවර්ධන ආයතනයක් වන ඔසාකා ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් සමාගමේ (www.osakaleeway.com) නවතම සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය ඔසාකා හයිට්ස් නමින් කිරුළපන නගරයේදී ඉදිකිරීම් අරඹයි. මෙම ව්‍යාපෘතිය ඔසාකා ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් සමාගම සහ ඉන්දියාවේ කීර්තිමත් ප්‍රමුඛ පෙළේ මහල් නිවාස ව්‍යාපෘති ඉදිකිරීම් සමාගමක් වන ලීවේ ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් ආයතනය සමඟ සිදු කරන හවුල් ව්‍යාපෘතියකි. ඉදිකිරීමේ කොන්ක්‍රීට් පයිලින්ග් සැකැස්ම සන්කෙන් ලංකා සමාගමට අනුබද්ධ සෑන් පයිලින්ග් සමාගම සාර්ථකව සිදු කර ඇත. සුඛෝපොභෝගී සුව පහසු ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සියලු පහසුකම්වලින් හා ආකර්ෂණීය මාදිලි රැසකින් මෙම නිවාස ව්‍යාපෘතිය සමන්විතය. කටුනායක අධිවේගී මාර්ගයට කි.මී. 9ක්ද, දක්ෂිණ අධිවේගී මාර්ගයට කි.මී. 12ක්ද, කළුබෝවිල රෝහලට කි.මී 2ක්ද දුරින්, දුම්රිය ස්ථාන, සුපිරි වෙළෙඳසැල්, බැංකු හා ජාත්‍යන්තර පාසල් රැසකට ඉතා පහසුවෙන් ළඟා විය හැකි දුරින් ඉදි කෙරෙන ඔසාකා හයිට්ස් මහල් නිවාස වර්ග අඩි 925 සිට වර්ග අඩි 1860 දක්වා වූ ප්‍රමාණවලින් සහ මාදිලි 6කින් මිල දී ගත හැකිය. පහසු ගෙවීමේ ක්‍රම හා බැංකු ණය ලබා ගැනීමේ පහසුකම්ද සහිතය.


ඉහළ මහලේ කුඩා දරුවන්ට හා වැඩිහිටියන්ට වෙන් වෙන්ව පිහිනුම් තටාක, පොදු ප්‍රදේශයක්, ජොගින් පාත්, කුඩා දරුවන්ට සෙල්ලම් කිරීමට වෙනම ප්‍රදේශයක්, ස්වයක්‍රිය විදුලි සෝපන, ක්ලබ් හවුස්, විදුලි වාහන චාර්ජ් කිරීමට හා වාහන නැවැත්වීමට පහසුකම්, ජෙනරේටර්, පැය 24 පුරා CCTV කැමරා ආරක්ෂාව හා දිනපතා කසළ බැහැර කිරීමේ පහසුකම්ද මෙම නිවාස සංකීර්ණය සතුය. හරිත පරිසරයක් සමඟ ලෝකයේ උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය හා නිෂ්පාදන සමඟින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගොඩනැගෙන ඔසාකා හයිට්ස් සුපිරි ජීවන රටාවකට අවශ්‍ය සියලු පහසුකම්වලින් පරිපූර්ණය. බහු විධ ව්‍යාපාර කේෂ්ත්‍රවල වසර 25කට වැඩි කීර්තිමත් ඉතිහාසයක් සහිත ඔසාකා සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ඔසාකා ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් සමාගම මෙම නිවාස ව්‍යාපෘතිය 2021 අගෝස්තු මාසයේදී අවසන් කිරීමට නියමිතය. නිවාස වෙන් කරවා ගැනීමට හා වැඩි විස්තර info@ocs.lk විද්‍යුත් ලිපිනයෙන් හෝ 0769241888 දුරකථන අංකයෙන් ලබාගත හැකිය.


 
 
 

Comments


Stressed Man
About Us

සිංහලෙන් ව්‍යාපාරික පුවත් කියවන්න කැමති හැමෝටම Business Media - Biz Me නම්න්. අපි රටේ ලොකු පොඩි ව්‍යාපාරික හැමෝටම දිරිය දෙන්න අත්වැල් බැදගත් තරුණ කණ්ඩායමක්.

 

Read More

 

Join Our Mailing List

© 2020 by All rights reserved.

Business Media Network

Design & Code by :
revo.lk

bottom of page