මහරගම නාවින්න මෙඩිකෙයාර් රෝහල නව මාතෘ සත්කාර ඒකකයක් අරඹයි
- Biz Me Admin
- Sep 23, 2019
- 1 min read

සුවපහසු හිතකර පරිසරයක පළපුරුදු විශේෂඥ වෛද්‍යවරුන්ගේ උසස් සේවය ලබා ගත හැකි රෝහලක් ලෙස විසි වසරක් පුරා ජනතා විශ්වාසය ඉහළින්ම දිනූ මහරගම, නාවින්න මෙඩිකෙයාර් පෞද්ගලික රෝහල (www.nawinna.com) පසුගියදා නවීන තාක්ෂණයෙන් පිරිපුන් අංග සම්පූර්ණ මාතෘ සත්කාර එ්කකයක් ආරම්භ කළේය. කැදැල්ලට පැමිණෙන අමුත්තා පිළිගැනීමට නැවුම් බලාපොරොත්තුවකින් ඇඟිලි ගණින මව්වරුන්ට සාමාන්‍ය දරු උපත් සඳහා මෙන්ම සිසේරියන් සැත්කම් සඳහාද නව මාතෘ සත්කාර එ්කකය පහසුකම් සලසයිි.
ජපානයෙන් ආනයනය කරන ලද නවීන උපකරණවලින් සමන්විත සූතිකාගාරයක් හා ශල්‍යාගාරයක් රෝහල සතුය. එසේම රෝහලේ මාතෘ සත්කාර එ්කකයේදී ඔබට හමු විය හැකි විශේ්ෂඥ වෛද්‍යවරුන් අතර සොයිසා කාන්තා රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල, කළුබෝවිල මහ රෝහල, ශී‍්‍ර ජයවර්ධනපුර මහ රෝහල, හෝමාගම රෝහල සහ කොතලාවල ආරක්ෂක රෝහල යන රෝහල්වල ළමා රෝග සහ නාරි හා ප‍්‍රසව විශේ්ෂඥ වෛද්‍යවරු වෙති. කාර්යක්ෂම හා පළපුරුදු කාර්ය මණ්්ඩලයක සුහදශීීලී සේවය මෙන්ම සියලූ නවීන පහසුකම්වලින් පරිපූර්ණ නේවාසික කාමර මහරගම, නාවින්න මෙඩිකෙයාර් පෞද්ගලික රෝහලේ අගය තවත් වැඩි කරයි. දරු ප‍්‍රසූතියට පෙර හා පසු අවශ්‍ය උපදෙස් හා සේවා නොමිලේ සපයනු ලබන අතර ප‍්‍රතිශක්තිකරණ එන්නත් සායනයක්ද නව මාතෘ සත්කාර එ්කකයට ඇතුළත්ය. නාවින්න මෙඩිකෙයාර් පෞද්ගලික රෝහලේ සිසේරියන් සැත්කම ඇතුළත් දෙදින නේවාසික පැකේජය දැන් රුපියල් 90,000/- ක් වැනි සාධාරණ මුදලකට ලබා ගත හැකිය. වැඩි විස්තර ස`දහා 0774957636 / 0714367636 / 0115967696 / 0115741701 දුරකතන අංකවලින් හෝ info@nawinna.com විද්‍යුත් ලිපිනයෙන් සම්බන්ධ වන්න.
Comments