top of page

කෝස්වේ පේන්ට් වෙතින් පින්තාරූ ශිල්පීන් දිරි ගැන්වීමට කෝස්වේ පේන්ට් එක්සලන්ට් ක්ලබ්



වසර 25ක් පුරා ශ‍්‍රී ලාංකේය තීන්ත කලාව නැවුම් වර්ණයන්ගෙන් අලංකාර කරන්නට දායකත්වය දැක්වූ කෝස්වේ පේන්ට්ස් සමාගම කාලානුරූපීව තීන්ත කර්මාන්තයේ නිම් වළලූ පුළුල් කිරීම සඳහා කෝස්වේ එක්සලන්ට් ක්ලබ් වැඩසටහන හඳුන්වා දෙයි. කෝස්වේ පේන්ට් සමාගම සමග අත්වැල් බැඳ ගෙන සිටින පින්තාරු ශිල්පීන් වෙනුවෙන් මෙම ලෝයල්ටි වැඩසටහන පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් කොළඹ මැරිනෝ බීච් හෝටලයේදී දියත් කරන ලදි. එම වැඩසටහනට දිවයින පුරා විසිරී සිටින පින්තාරූ ශිල්පීහු 650ක් පමණ සහභාගි වූහ. පින්තාරූ ශිල්පීන් කෝස්වේ පේන්ට්ස් මිල දී ගන්නා සෑම අවස්ථාවකදීම ඔවුන්ගේ මිල දී ගැනීම්වලට ප‍්‍රසාද ඒකක හිමි වන ක‍්‍රමවේදයක් ඔස්සේ මනාව සකස් කර ඇති මෙම වැඩසටහන අනුව එම ඒකකවල එකතුව සළකා බලා කාලනුරූපීව වටිනා ත්‍යාග පිරිනැමීම සිදුවේ. මේ පිළිබඳ වැඩි විස්තර 0763767676 අංකයෙන් ළඟම සිටින අලෙවි නියෝජිතයාගෙන් ලබා ගත හැකිය.




මෙම සුවිශේෂ ලෝයල්ටි වැඩසටහන හඳුන්වා දීම සඳහා APIPL සිංගප්පූරු  ආයතනයේ කළාපීය ප‍්‍රධානි ටොම් තෝමස් මහතා සහ කෝස්වේ පේන්ට් සමාගමේ සාමාන්‍යාධිකාරි වී. තිරිතරන් මහතා ඇතුළු ප‍්‍රධානිහු රැුසක් සහභාගි වූහ. කෝස්වේ පේන්ට් සමාගමේ සාර්ථකත්වය පිටුපස සිටින ප‍්‍රමුඛතම බලවේගය වන දිවයින පුරා විසිරී සිටින පින්තාරු ශිල්පීන් අගය කිරීමට මෙවැනි ලෝයල්ටි වැඩසටහනක් සංවිධානය කිරීම පිළිබඳව තමා බෙහෙවින් සතුටට පත්වෙන බව අදහස් දක්වමින් ටොම් තෝමස් මහතා පැවසීය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම තීන්ත නිෂ්පාදන සහ අලෙවි සමාගමක් වන කෝස්වේ පේන්ට් සමාගම ජන මනස තුළ ස්ථානගතව ඇත්තේ විශ්වාසනීයත්වය සහ ගුණාත්මකභාවය නිසාය. රථ වාහන, කර්මාන්ත සහ නිවාස ඇතුළු බොහෝ දේ අලූත් කිරීමට කෝස්වේ තීන්ත බොහෝ දෙනා විශ්වාසයෙන් භාවිත කරති.

 
 
 

Comments


Stressed Man
About Us

සිංහලෙන් ව්‍යාපාරික පුවත් කියවන්න කැමති හැමෝටම Business Media - Biz Me නම්න්. අපි රටේ ලොකු පොඩි ව්‍යාපාරික හැමෝටම දිරිය දෙන්න අත්වැල් බැදගත් තරුණ කණ්ඩායමක්.

 

Read More

 

Join Our Mailing List

© 2020 by All rights reserved.

Business Media Network

Design & Code by :
revo.lk

bottom of page