නවතම කුකුල් මස් නිෂ්පාදනය පෙළක් Besto සන්නාමයෙන් වෙළෙඳපොළට
- Biz Me Admin
- Sep 23, 2019
- 1 min read

පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනූ CIC චිකන් (www.cic.lk) සිය නවතම නිෂ්පාදන Besto සන්නාමයෙන් වෙළෙඳපොළට හඳුන්වා දෙයි. CIC Feeds සමූහ ව්‍යාපාරයේ අනුබද්ධ ආයතනයක් වූ CIC Poultry Farms සමාගම 2007දී කුකුල් මස් නිෂ්පාදනය ඇරැඹූ අතර වර්තමානයේදී 5%ක වෙළෙඳපොළ ප්‍රතිශතයකට හිමිකම් කියමින් දිනකට කුකුලන් 25,000ක පමණ නිෂ්පාදන ධාරිතාවක් පවත්වා ගෙන යයි. ඉතා ඉහළ රසයක් සහ ප්‍රෝටීන් සංයෝග සහිත, ප්‍රමිතියෙන් හා ගුණාත්මකභාවයෙන් ඉහළ Besto චිකන් සඳහා ISO 22000, HACCP තත්ත්ව සහතිකද ලැබී ඇත. CIC Poultry Farms සතුව කුලියාපිටියේ හා බඩල්ගම පිහිටි ගොවිපලවල් දෙකෙහි බ්‍රොයිලර් කුකුලන් ඇති කරන අතර මස් නිෂ්පාදනය බඩල්ගම පිහිටි අති නවීන නිෂ්පාදනාගාරයේදී සිදු කෙරේ.
ජාත්‍යන්තර ආහාර නිෂ්පාදන ප්‍රමිතීන් ඉතා ඉහළින් අනුගමනය කරන CIC Poultry Farms අවම මිනිස් මැදිහත්මක් සහ නවීන ස්වංක්‍රීය යන්ත්‍ර භාවිත කරමින් නිෂ්පාදන සිදු කරයි.
“මෑතකදී ගෘහණියන්ගේ පහසුව තකා කොටස් කළ ‘ෆැමිලි පැක්’ 400g පැකට්ටුවක් හඳුන්වා දුන්නාග ඊට අමතරව සම්පූර්ණ කුකුලා කොටස් 12කට කපා සම රහිත හා සහිත කුකුල් මස් වශයෙන් නව ඇසුරුම් දෙකක් හඳුන්වා දුන්නා. වඩාත් සෞඛ්‍යාරක්ෂිතව ඇසුරුම් කළ වැකුම් පැක් නිෂ්පාදන ලෙස මේවා මිල දී ගත හැකියි. සමාජයේ ඇති දුර්මතයක් වන මස්වලට හෝමෝන එක් කිරීම ගැන කිව යුතුයි. බ්‍රොයිලර් කුකුල් මස්වලට හෝමෝන කිසිවක් එක් කරන්නේ නැහැග එය ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක්. ඒ වගේම හෝමෝන කුකුලු මස්වලටත් වඩා බෙහෙවින් මිළ අධිකයි. විද්‍යාවේ හා තාක්ෂණික දියුණුවේ ප්‍රථිපලයක් ලෙස බ්‍රොයිලර් සතුන්ට උසස් ප්‍රමිතියෙන් යුතු ආහාර 3.5 kg ක් දීමෙන් 2.2 kg ක බරක් ඇති සතුන් සති 5-6කදී ලබා ගත හැකියි.” CIC Poultry Farms ප්‍රධාන විධායක නිලධාරී අජිත් වීරසිංහ මහතා පැවසීය.
Comments