top of page

ශ්‍රී නදිකා ජුවලර්ස් 30වැනි සංවත්සරය සමරයි




ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ අලෙවියේ ප්‍රමුඛ සමාගමක් වන ශ්‍රී නදිකා ජුවලර්ස් පසුගියදා සිය අභිමානවත් 30 වැනි සංවත්සරය උත්කර්ෂවත් ලෙස සැමරීය. මීට දශක 3කට පෙර එන්.පී.එම්. පිල්ලෛ මහතා විසින් කෑගල්ලේදී අරඹන ලද ශ්‍රී නදිකා ජුවලර්ස් වර්තමානයේදී මහනුවර නගරයේද ශාඛාවක් විවෘත කර ඇත. එය කොළඹ වීදිය, මහනුවර ලිපිනයේ පිහිටා ඇත. සබරගමුව හා මධ්‍යම පළාත් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ ශ්‍රී නදිකා ජුවලර්ස් වයඹ පළාතට පිවිසෙමින් සිය නවතම ශාඛාව 102, පැරකුම් වීදිය, කුරුණෑගල ලිපිනයේදී විවෘත කරයි. 


ශ්‍රී නදිකා ජුවලර්ස් රන්, රිදී, මුතු, මැණික්, දියමන්ති, සුදු රත්රන්, ප්ලැටිනම් ආදියෙන් පංචායුධයේ සිට මංගල තැල්ල දක්වා සියලුම ආභරණ නිර්මාණශීලීව නිෂ්පාදනය කරයි. ශ්‍රී නදිකා ජුවලර්ස් වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට නවතම තාක්ෂණය යොදා ගනිමින් ඉහළ ප්‍රමිතියෙන් හා ගුණාත්මකභාවයෙන් පරිපූර්ණව නිෂ්පාදනය කරන ආභරණ සාධාරණ මිලකට ජීවිත කාලය පුරා ලැබෙන වගකීම් සහතිකය සමග ඉහළ විශ්වාසයකින් යුතුව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හෝල්මාර්ක් සළකුණද සහිතව මිල දී ගැනීමට හැකිය. වර්තමානයේදී ශ්‍රී නදිකා ජුවලර්ස් 80කට ආසන්න සේවක මණ්ඩලයකින් සමන්විත වන අතර ආභරණ නිෂ්පාදනයේ අති දක්ෂ නිර්මාණශිල්පීහු 20කට ආසන්න සංඛාවක් ආභරණ නිර්මාණ කටයුතුවල නිරත වෙති. ශ්‍රී නදිකා ජුවලර්ස්හි කළමනාකාර අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේ ව්‍යාපාරයේ දෙවැනි පරපුර නියෝජනය කරන ගෝෂ් එන්. පිල්ලෛ මහතාය. ඔහුගේ සහෝදරයා වන දුෂාන් පිල්ලෛ හා මව වන වසන්තා දේවි අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරති. මහා බි්‍රතාන්‍යයේ උසස් අධ්‍යාපනය ලබා මැණික් පිළිබඳව විශේෂඥ දැනුමක් ලබා ඇති ගෝෂ් එන්. පිල්ලෛ මහතාගේ අධික්ෂණයෙන් ශ්‍රී නදිකා ජුවලර්ස් මහනුවර ශාඛාවේ මැණික් ප්‍රදර්ශනාගාරයක්ද ක්‍රියාත්මක වේ.

 
 
 

Comments


Stressed Man
About Us

සිංහලෙන් ව්‍යාපාරික පුවත් කියවන්න කැමති හැමෝටම Business Media - Biz Me නම්න්. අපි රටේ ලොකු පොඩි ව්‍යාපාරික හැමෝටම දිරිය දෙන්න අත්වැල් බැදගත් තරුණ කණ්ඩායමක්.

 

Read More

 

Join Our Mailing List

© 2020 by All rights reserved.

Business Media Network

Design & Code by :
revo.lk

bottom of page