ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය CNCI රිදී සම්මාන දිනයි
- Biz Me Admin
- Sep 23, 2019
- 1 min read

ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ මංජුල ආරියකුමාර මහතා (0768768100) ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සංවිධානය කළ (CNCI Achievers Award 2019) සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ, මහා පරිමාණ කාණ්ඩයේ නිෂ්පාදන අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල ගරු කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
කුඩා පරිමාණයෙන් අරඹා වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් බවට පත්වී තිබෙන ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය පිරිනැමූ කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මාන සහ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය පිරිනැමූ විශිෂ්ටතම ව්‍යවසායකයා රන් හා රිදී සම්මාන හිමි කර ගැනීමත්, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය පිරිනැමූ නිෂ්පාදන විශිෂ්ටතා සම්මානවලින් අඛණ්ඩව පිදුම් ලැබීමත් ඒ අතරින් ප්‍රධානය. ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයේ නවතම පරිසර හිතකාමී හඳුන්වාදීම වන්නේ හිරු එළියෙන් විදුලිය නිපදවන සූර්ය පැනල පද්ධතියයි. ත්‍රී සිංහ සමූහය නවීන තාක්ෂණය යොදා ගනිමින් අඩු වියදමින් වානේ ගොඩනැගිලි (Prefabricated Steel Building) ඉදිකිරීමද දැන් අරඹා තිබේ. රෝලර් ඩෝ, රෝලර් ෂටර්ස්, සෙක්ෂනල් ඕවර්හෙඞ් ඩෝ, වින්ඩෝ ෂටර්ස්, ෆයර් රෙසිස්ටන්ට් ඩෝ, ඇලුමිනියම් ෆැබ්රිකේෂන්ස්, සෙන්සර් ඩෝ, ස්ටේන්ලස් ස්ටීල්, ස්ටීල් රේලින්ග්ස් සහ ස්ටෙයාවේස්, පොලිකාබනේට් කැනපීස්, ස්ටේන්ලස් ස්ටීල් පැන්ටි්‍ර කබඞ්ස්, ස්ටීල් බිල්ඩින්ග්ස්, ඔටෝමැටික් බැරියර්ස් සහ මෝටර් සවි කළ ස්ලයිඩින්ග් ඇන්ඞ් ස්වින්ග් ගේට්ස් ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයේ අනෙකුත් නිෂ්පාදන අතර වේ.
Comments