top of page

අමෙරිකානු උපාධියක් සම්පූර්ණ කිරීමේ අවස්ථාව PATHE Global Campus වෙතින්





PATHE Global Campus (www.pathe.edu.lk) සිය නවතම ඇමරිකානු උපාධි සම්පූර්ණ කිරීමේ වැඩසටහන පසුගියදා ්පැAmerican Alumni Assoiation (AAA)  හි විශේෂ උත්සවයේදී හඳුන්වා දුන්නේය. ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදයේCleary University  හි තුන් අවුරුදු ව්‍යාපාර පරිපාලන (BBA)  

 උපාධිය දැන් කොළඹ 06, වැල්ලවත්තේ, රාජගුරු ශ්‍රී සුභූති මාවතේ, අංක 7 ලිපිනයෙහි පිහිටිPATHE Global Campus හිදී හැදෑරිය හැකිය. උපාධි පාඨමාලාව සඳහා බඳවා ගැනීමේ අවම සුදුසුකම සාමාන්‍ය පෙළ සමත් වීමය. මෙහි විශේෂත්වය වන්නේ ශිෂ්‍යයාගේ අවශ්‍යතාව අනුව පාඨමාලාවේ ඕනෑම අදියරකදී අමෙරිකාවේ Cleary University වෙත මාරු විය හැකි වීමය. 


1883දී ඇරැඹි Cleary University  ව්‍යාපාර අධ්‍යයනයට විශේෂඥතාවක් දක්වන ලාභ නොලබන අධ්‍යාපන ආයතනයකි. අමෙරිකාවේ කලාපීය මට්ටමේ පිළිගැනීම මෙන්ම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ පිළිගැනීමද ඊට ලැබී ඇත. එක්සත් ජනපද අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විද්‍යාල ලකුණු සටහන අනුව Cleary University එය අයත් කලාපයේ උපාධිධාරී වැටුප් මට්ටමින් 6 වැනි ස්ථානයට මෑතකදී පත් විය. එමෙන්ම මිචිගන්හි ආයෝජනයට හොඳම ප්‍රතිඵල ලබාදෙන අධ්‍යාපන ආයතනවලින් දෙවැනි ස්ථානයද Cleary University වෙත හිමිවිය. Cleary University උපාධි සහතිකයට ඉහළ පිළිගැනීමක් ඇති අතර අමෙරිකාවේ මෙන්ම විදේශවලදීද එම සහතිකයට රැකියාවක් ලබා ගැනීමේ හැකියාව ඉහළය. අමෙරිකානු සරසවි වැඩසටහනට ඇතුළත් වන සිසුන්ට අමෙරිකානු අධ්‍යක්ෂවරයාගෙන් රැකියා අවස්ථා උදා කර ගැනීම පිළිබඳව උපදෙස් ලැබේ. මෙරටදී පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට අමෙරිකාවේ පැවැත්වෙන උපාධි ප්‍රදානෝත්සවයට යා හැකිය. නැතහොත් ශ්‍රී ලංකාවේදීම උපාධිය ලබා ගත හැකිය. එසේම Cleary University MBA  උපාධි පාඨමාලාවට ඇතුළත් වීමේ අවස්ථාවද ඔවුන්ට හිමිවේ. ප්‍රායෝගික පුහුණුව මත පදනම් වූ මේ පාඨමාලාව හදාරන සිසුන්ට  අර්ධ කාලීන රැකියාවක නිරත වීමේ අවස්ථාව ලැබෙයි. රැකියාවක් කිරීම උපාධි පාඨමාලාවේම කොටසකි. 

 
 
 

Comments


Stressed Man
About Us

සිංහලෙන් ව්‍යාපාරික පුවත් කියවන්න කැමති හැමෝටම Business Media - Biz Me නම්න්. අපි රටේ ලොකු පොඩි ව්‍යාපාරික හැමෝටම දිරිය දෙන්න අත්වැල් බැදගත් තරුණ කණ්ඩායමක්.

 

Read More

 

Join Our Mailing List

© 2020 by All rights reserved.

Business Media Network

Design & Code by :
revo.lk

bottom of page