top of page

“DSI Tyres Super Dealer – 2018” ජයග්‍රාහකයන්ට ස්පාඤ්ඤයේ, මැලේසියාවේ හා ෆුකට් සුපිරි සංචාර




දශක තුනකට අධික කාලයක් පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් කටයුතු කරන, ටයර් ලොවේ පෙරළිකාර ප්‍රමුඛයා වන DSI ටයර් සමාගම 2018 වසරේදී තම ළබැඳි අලෙවි නියෝජිතයන් ඉලක්ක කර ගනිමින්   “DSI Tyres Super Dealer – 2018”    නමැති සුවිශේෂ ප්‍රවර්ධන වැඩසටහන අතිසාර්ථකව ක්‍රියාවට නැංවීය. DSI ටයර් නිෂ්පාදන පාරිභෝගිකයන්ට ඉතා ඉක්මනින් සහ පහසුවෙන් සමීප කිරීමට කැප වෙන සිය අලෙවි නියෝජිතයන් දිරිමත් කිරීම සහ ඇගැයීම එහි මූලික අරමුණු විය. ෘී DSI Tyres Super Dealer – 2018 වෙළෙඳ ප්‍රවර්ධන වැඩසටහන යටතේ 2018 මූල්‍ය වර්ෂය තුළ සමස්ථ විකුණුම් ඉලක්ක ඉහළින්ම සම්පූර්ණ කළ අලෙවි නියෝජිතයන්ට ඉලක්ක සම්පූර්ණ කිරීමේ මට්ටම අනුව සංචාරක ආකර්ෂණය ඉහළින්ම දිනූ ස්පාඤ්ඤයේ, මැලේසියාවේ සහ ෆුකට් දිවයිනේ දින හතරක අගනා සංචාර පිරිනමන ලදි. ජයග්‍රාහි අලෙවි නියෝජිත මහත්වරු මෙම සංචාරය පිළිබඳව අදහස් දක්වමින් සිය කෘතඥතාව සමාගම වෙත පළ කළහ.

“අපගේ සාර්ථකත්වයට ප්‍රමුඛ දායකත්වයක් සපයන අලෙවි නියෝජිතයන් නිරන්තරයෙන් ඇගැයීම අපගේ යුතුකමක් සහ වගකීමක් ලෙස අප විශ්වාස කරනවා. ඉදිරියේදී මෙම වැඩසටහන තවත් ප්‍රතිලාභ සහිතව පුළුල් කරන්න අප කටයුතු කරනවා.” අදහස් දක්වමින් කළමනාකාර අධ්‍යක්ෂ රණතුංග රාජපක්ෂ මහතා පැවසීය. වසර 30කට වැඩි ව්‍යාපාර ඉතිහාසයකට උරුමකම් කියන සැම්සන් රබර් කර්මාන්ත ආයතනය රටවල් 60කට අධික ප්‍රමාණයකට ටයර් අපනයනය කරමින් සහ දේශීය වශයෙන් බයිසිකල් ටයර්, මෝටර් සයිකල් ටයර්, ත්‍රීවීල් ටයර්, කෘෂි කාර්මික ටයර් සහ ටියුබ් අලෙවි කරමින් ඉතා ඉහළ වෙළෙඳපොළ කොටසකට හිමිකම් කියයි. සමාගම ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට ප්‍රථම වතාවට හඳුන්වා දුන් නවතම නිෂ්පාදනය වන ඨැබ ඞ මෝටර් සයිකල් ටයරය කාබන් සිලිකන් සංයුතිය තුළින් අඩු ඝර්ෂණයක් ටයරයට ඇති කරන අතර සුපිරි ඉන්ධන ඉතිරියකටද මග පාදයි.

 
 
 

Comments


Stressed Man
About Us

සිංහලෙන් ව්‍යාපාරික පුවත් කියවන්න කැමති හැමෝටම Business Media - Biz Me නම්න්. අපි රටේ ලොකු පොඩි ව්‍යාපාරික හැමෝටම දිරිය දෙන්න අත්වැල් බැදගත් තරුණ කණ්ඩායමක්.

 

Read More

 

Join Our Mailing List

© 2020 by All rights reserved.

Business Media Network

Design & Code by :
revo.lk

bottom of page