top of page

CINEC ආයතනයෙන් ලංකාවේ ප්‍රථම වරට අලෙවිකරණ පිළිබඳ කළමනාකරණ ගෞරව උපාධියක්


CINEC උසස් අධ්‍යාපන ආයතනයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලලිත් එදිරිසිංහ මහතා

සුපිරි වෙළෙඳපොළ ඇතුළු අලෙවිකරණ වෘත්තීය ක්ෂේත්‍රයේ දිගු කලක පටන් පැවැති අවශ්‍යතාවක් සපුරාලමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අලෙවිකරණය පිළිබඳ කළමනාකරණ (ගෞරව) උපාධි පාඨමාලාවක් අරඹන්නට  CINEC උසස් අධ්‍යාපන ආයතනය (ww.cinec.edu) පියවර ගෙන ඇත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය ලත් සිවු අවුරුදු පාඨමාලාවක් වන මෙහි අවසන් වසරේදී සය මසක රැකියා පුහුණුවක්ද ලැබේ. උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් විෂයයන් 3ක් සමත් වීම හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පිළිගත් ඊට සමාන වෙනත් ඕනෑම සුදුසුකමක් සපුරා තිබීම මත මේ උපාධි පාඨමාලාව හැදෑරිය හැකිය. 


CINEC  උසස් අධ්‍යාපන ආයතනයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලලිත් එදිරිසිංහ මහතා පවසන අන්දමට සුපිරි වෙළෙඳපොළ දාමය (Super Market Chain)  අද ලංකාවේ ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වන සංකල්පයකි. නූතන සංඛ්‍යා ලේඛණනවලට අනුව ලංකාවේ සුපිරි වෙළෙඳපොළ ගහණය  (Penetration)  15% වඩා වැඩිය. “අපේ අසල්වාසී රටවල ගහනය 30%ක් නිසා ලංකාවේ මෙය තවත් දියුණු විය හැකියි. ගෝලීය සිල්ලර සංවර්ධන දර්ශකයට අනුව  (GRDI)     ශ්‍රී ලංකාව සිටින්නේ 12 වන ස්ථානයේ. එබැවින් මෙය රැකියා බහුල ක්ෂේත්‍රයක්.  Retail Marketing  සඳහා අවශ්‍ය උගතුන් ලංකාවේ බිහි වන්නේ නැහැ. එහෙත් තව වසර 4කින් මෙම ක්ෂේත්‍රයේ උපාධිධාරින් අපට දායාද කළ හැකියි.” ඔහු සඳහන් කළේය. සන්නාමකරණ හා අලෙවිකරණය යනු ඕනෑම වාණිජමය ආයතනයක රැකියාවක් ලබා ගැනීම සඳහා ඉහළ සුදුසුකමකි. එමෙන්ම සිල්ලර අලෙවිකරණය පිළිබඳ විශේෂ වූ දැනුම නිසා අලෙවිකරණ කළමනාකරණ ගෞරව උපාධිධාරීන්ට සුපිරි වෙළඳ ආයතන ජාලයන්හි විශාල ඉලලුමක් ගොඩ නැගෙනු ඇත. මෙම උපාධි පාඨමාලාවට දැන් සිසුන් බඳවා ගැනෙන අතර 0114486400 අමතා 181 හෝ 165 දිගුව ඔස්සේද,  CINEC ආයතනයේ කළමනාකරණ, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයට පැමිණීමෙන්ද ඔබටත් ඇතුළු විය හැකිය

 
 
 

Comments


Stressed Man
About Us

සිංහලෙන් ව්‍යාපාරික පුවත් කියවන්න කැමති හැමෝටම Business Media - Biz Me නම්න්. අපි රටේ ලොකු පොඩි ව්‍යාපාරික හැමෝටම දිරිය දෙන්න අත්වැල් බැදගත් තරුණ කණ්ඩායමක්.

 

Read More

 

Join Our Mailing List

© 2020 by All rights reserved.

Business Media Network

Design & Code by :
revo.lk

bottom of page