top of page

30 වැනි සංවත්සරය සමරමින් කැන්ගරු කැබ්ස් විදුලි කුළී රථ හදුන්වා දෙයි





ශ‍්‍රී ලංකාවේ කුළී රථ සේවා සැපයීමේ ප‍්‍රමුඛයා සහ දැවැන්තයා වන කැන්ගරු කැබ්ස් සමාගම සිය අභිමානවත් 30 වැනි සංවත්සරය සමරමින් ”ගෝ ග‍්‍රීන්” සංකල්පය මත පදනම්ව සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන මෝටර් රථ හදුන්වා දෙයි. 2588588 අංකයත් සමග මතකයට නැගෙන කැන්ගරු කැබ්ස් වර්ථමාන කුළී රථ වෙළෙඳපොලේ 70%ක කොටසකට හිමිකම් කිියයි. ISO 9001:2015 තත්ත්ව සහතිකය ලැබූ ඔවුන්ගේ සේවා අතරට 0112588588 කුළී රථ සේවය, 0112501501 වෑන් රථ සේවය, 0112592592 බජට් ටැක්සි සේවය, 0112801801 සිටි ටැක්සි සේවය හා 0112592592 ත‍්‍රිරෝද සේවය  ඇතුළත් වේ. 1988දී ඇරැුඹූ කැන්ගරු කැබ්ස් මගී අවශ්‍යතා හඳුනා ගනිමින් නව තාක්ෂණ ක‍්‍රම සහිතව පැය 24 පුරාම ඇමතුම් මධ්‍යස්ථානයක් ක‍්‍රියාත්මක කරන අතර පාරිභෝගික කැමැත්ත පරිදි වාහන වෙන් කිරීමට මොබයිල් ඇප් එකක්ද (ඇන්ඩ්‍රොයිඞ් සහ ඇපල් ස්ටෝර්) හඳුන්වා දී ඇත. 2012දී දියත් කැරුණු වෙබ් අඩවියත් සමඟ වට්ස් ඇප්, ස්කයිප් හරහා වාහන වෙන් කළ හැකි එකම කුළී රථ සේවය වන්නේද කැන්ගරු කැබ්ස්ය. 

 

සභාපති සුනිල් ෆොන්සේකා, විධායක/මූල්‍ය අධ්‍යක්‍ෂක කුසල් ෆොන්සේකා සහ මෙහෙයුම් අධ්‍යක්‍ෂක තුෂාර ෆොන්සේකා යන මහත්වරුන්ගේ  මෙහෙයවීම යටතේ කැන්ගරු කැබ්ස් ආයතනය 3000ක පමණ රියදුරු මහතුන් මෙන්ම 150ක පමණ සේවක සේවිකාවන්ද අවශ්‍ය කාලීන පුහුණු සැසි සඳහා යොමු කර පාරිභෝගිකයන්ට 100%ක් ගුණාත්මක, ආරක්ෂාකාරී හා විශ්වාසදායී සේවාවක් සපයයි. කැන්ගරු කැබ්ස් පාරිභෝගික පැමිණිලි ලද සැණින් විභාග කර ඒ ඒ පාරිභෝගිකයන්ට එහි ප‍්‍රතිඵල හා ගත් ක‍්‍රියාමාර්ග පිළිබ`ද වාර්තා කරයි. කැන්ගරු කැබ්ස් තේමා පාඨය වන්නේ ”ආරක්‍ෂාව හා සැප පහසුව” (Comfort & Safety)  යන්නයි. සමාගමේ අරමුණ වන්නේ ”පාරිභෝගික ජනතාව සතුටින් ගමනාන්තයට රැුගෙන යාම” (We Drive People Happy) යන්නයි. 

 
 
 

Comments


Stressed Man
About Us

සිංහලෙන් ව්‍යාපාරික පුවත් කියවන්න කැමති හැමෝටම Business Media - Biz Me නම්න්. අපි රටේ ලොකු පොඩි ව්‍යාපාරික හැමෝටම දිරිය දෙන්න අත්වැල් බැදගත් තරුණ කණ්ඩායමක්.

 

Read More

 

Join Our Mailing List

© 2020 by All rights reserved.

Business Media Network

Design & Code by :
revo.lk

bottom of page